රු. කෝටි හතේ වැට් බදු වංචාවකට ඇල්ලූ සමාගම් අධ්‍යක්ෂවරියට ඇප

රුපියල් කෝටි හතක වැට් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වරෙන්තු 07ක් නිකුත් කර සිටි ලංකාවේ ප්‍රසිද්ධ නැව් සමාගමක අධ්‍යක්ෂකවරියක් දැඩි කොන්දේසි සහිත ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  බණ්ඩාර ඉලංගසිංහ මහතා  නියෝග කළේය.

රුපියල් මිලියන හැත්තෑව බැගින් වටිනා ඇපකරුවන් 10 දෙනෙකුගේ ශරීර ඇප මත සැකකාරිය මුදාහළ මහෙස්ත්‍රාත්වරිය සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කළේය.

වරෙන්තු එකොළහක් නිකුත් කර තිබුණත් අත්අඩංගුවට පත් නොවීම හේතූවෙන් පොලිස්පතිවරයා මාර්ගයෙන් නිකුත් කළ වරෙන්තුවට අනුව පසුගිය සිකුරාදා (09) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කර සිටි ග්‍රීන් ලංකා ෂිපින් සමාගමේ අධ්‍යක්ෂ තුෂානි නානායක්කාර මහත්මිය මෙසේ ඇප මත මුදා හරිනු ලැබීය.

2007 සිට 2015 වසර දක්වා වසර 08ක කාලයක් වැට් බදු නොගෙවීම සම්බන්ධයෙන් පැමිණිලි හයක් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ගොනුකොට තිබූ අතර නඩුවල වටිනාකම්වලට සමාන ශරීර ඇප දහයක් මත සැකකාරිය මුදාහැරීමට නියම කළේය.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් පොලිස්පතිවරයා මගින් නිකුත් කළ වරෙන්තුවට අනුව කළ වැටලීමකදී විශ්‍රාමික පොලිස් නිලධාරියකුගේ නිවසේ සැඟව සිටියදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇතැයි කීය.

අත්අඩංගුවට ගත් සැකකාරිය පසුගිය සිකුරාදා කොටුව මහේස්ත්‍රාත්වරයා  හමුවට ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද නීතිඥවරයා සඳහන් කළේය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් සැකකාරිය සිය සමාගම් පාඩු ලැබීම නිසා ඇගේ නිවසද සින්න වීමෙන් පසු ඥාති නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි කීහ.

අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තු සැකකාරියට ලැබී නොමැති බවද නඩුවේ වගඋත්තරකරුවෙකු වන වගඋත්තරකාරියගේ සහෝදරයා සමාගම පාඩු ලැබීමෙන් පසු රටින් පිටව ගොස් ඇතැයිද සඳහන් කළහ. කරුණු සලකා බැලලීමෙන් අනතතුරුව සැකකාරියට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා නඩුව කැඳවන ජුනි 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *