රිය අනතුරුවලින් තිදෙනෙක් මරුට

ඊයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබේ.

වව්නියාව – මැදවච්චිය මාර්ගයේ 171  කිලෝමීටර් කණුව අසල දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වව්නියාව දෙසට ධාවනය වූ බස් රථයක් වව්නියාව දෙස සිට මැදවච්චිය දෙසට ධාවන වූ යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබු අදාළ පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි අයෙකි.

මේ අතර, කුරුණෑගල පොලිස් වසමේ, කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ ආයුර්වේද රෝහල අසලදී සිදුවූ අනතුරකින් 48 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ පදික මාරුව හරහා ගමන්ගත් කාන්තාවකගේ ගැටී එම අනතුර සිදුව තිබුණි.

මේ අතර කඩවත පොලිස් වසමේ එඬේරමුල්ල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් 71 කාන්තාවක් මියගොස් තිබේ.

මහර හංදියේ සිට එඬේරමුල්ලමුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ ගමන්කළ අදාළ කාන්තාවගේ ගැටී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *