රැඳවුම් මධ්‍යස්ථානයක සිටි ඉන්දියානු ජාතික කාන්තාවකට මැඩගස්කාර ජාතික කාන්තාවක් පහර දේ

වීසා නොමැතිව මෙරට රැඳී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රඳවා තැබෙන මධ්‍යස්ථානයක සිටි ඉන්දියානු ජාතික කාන්තාවකට පහරදීමක් සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, පහරදීම සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානයේ ම රඳවා සිටින 29 හැවිරිදි මැඩගස්කාර ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගත් බවය.

ආගමන විගමන පාලකවරයාගේ අධීක්ෂණය යටතේ, අදාළ රැඳවුම් මධ්‍යස්ථානය මිරිහාන ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අතර, එහි සිටි 26 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් මෙලෙස පහරකෑමට ලක්ව තිබේ.

පහරදීම මධ්‍යස්ථානය තුළ සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *