රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නැති කරන යෝජනා දී ඇත්තේ එක්කෙනයි

රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් කිරීමට රනිල් හැර කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට අදහසක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

බදු ස්ථර අතර පරතරය පුළුල් කරමින්, බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමට අදාල තීන්දුව දින කිහිපයකින් ගන්නා බවද අමාත්‍යවරයා කීය.

කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

කාර්මික සාමයක් නැති රටක් සංවර්ධනය කරා ගෙනියන්නට නොහැකි බව ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *