හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයින්ගේ 2022 මැයි මස වැටුප් කපා හරින බවට ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය හරහා සංසරණය වන නිවේදනය ජනාධිපති මාධ්‍ය අංශය අද ප්‍රතික්ෂේප කළා.
හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයින්ගේ 2022 මැයි මස වැටුප් කපා හරින බවට ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන නිවේදනය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව PMD නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජනාධිපති ලේකම් කාර්යාලය එවැනි දැනුම්දීමක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කර නොමැති අතර අදාළ බලධාරීන් විසින් මෙම ව්‍යාජ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පී.එම්.ඩී.