රාජ්‍ය සේවකයන් වැඩිළ රු 10 000 ම අප්‍රේල් වැටුප සමගින්

මෙවර අයවැය මගින් රාජ්‍ය සේවකයන් සඳහා වැඩි කළ රුපියල් 10,000ක මුදල ලබන අප්‍රේල් මාසයේ සිට වැටුපට එක් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

ඒ අනුව සියලු රාජ්‍ය සේවකයන්ට මාර්තු මාසයේ වැටුප ගෙවීමෙන් අනතුරුව , අප්‍රේල් මාසයේ වැටුපද එම මාසයේ 10 වන දිනට පෙර ගෙවීමට සුදානම් බවත්, අයවැය යෝජනාවල සඳහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ම අප්‍රේල් මාසයේ සිට එම වැටුපට එකතුකොට ගෙවීමට කටයුතු කරන බවත් ඔහු එහිදී සඳහන් කර තිබේ.

එසේම විශ්‍රාමිකයන් සඳහා වැඩිකළ රු. 2,500 ක මුදල ද අප්‍රේල් මාසයේ සිට ලබාදෙන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *