රාජගිරියේ රිය අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවකට එරෙහි නඩුව දෙසැම්බර් 02 වැනිදාට කල් තැබේ

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ තරුණයෙකුට හානි කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විත්තිකාර පාර්ශවය ගොනු කර ඇති මූලික විරෝධතාවලට දෙසැම්බර් මස 2 වනදා පිළිතුරු ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණය නීතිපතිවරයාට අඟහරුවාදා නියෝග කළා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම, තරුණයෙකුට තුවාල සිදුකිරීම ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චම්පික රණවක මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.

විත්තිකරුවන් වන රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

තරුණයෙකු අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති තවත් නඩුවකට අදාළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය පෙබරවාරි මස 03 වනදා නිකුත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ල ප්‍රකාශ කළා.

2016/02/28 දින රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේ සංදීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයාට අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව අසත්‍ය සාක්ෂි ලබාදීම ඇතුළු චෝදනා 16ක් යටතේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *