රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියයි.

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය ,සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිට පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවා ගනිමින්  ඔවුන්ගෙන් කිසිදු රාජකාරියක් නොගෙන,  එම තනතුරුවලට රජයේ මුදලින් වැටුප්  ගෙවා එම මුදල්  සිය දේශපාලන කටයුතුවලිට යොදාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද කැඳවා තිබුණි.

එසේ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව රමිත රඹුක්වැල්ල  අත්අඩංගුවට ගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *