LK reports news sinhala

රනිල්ගේ ප්‍රතිපත්තිය එළි දකියි

කතා කරමින් තර්ක කරමින් සිට රටේ අනාගතය බිඳගන්නවාද? නැතිනම් රටට අනාගතයක් ලබාදීම සඳහා වැඩ කරනවාදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුළුවන් ශ්‍රී ලංකා ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වමින්  පැවසීය.

පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියේ මූලික අරමුණ වහා ක්‍රියාත්මක වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ “පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී මීට මොහොතකට පෙර සිදු කෙරිණි.

ජනාධිපතිවරයා තරුණ පරපුරේ අනාගතේ ගොඩනැගීම සංකේතවත් කරමින් මුලින්ම තරුණ පරපුර වෙත ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වූ අතර තම දේශනය කරන විටද තරුණ පරපුරට වේදිකාවට ආරාධනා කළේය.

බෞද්ධ ඇතුළු සර්ව ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවය පැවැත්විණි.

අර්බුදයක් මැද සිටින රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන ක්ෂණික ක්‍රියාමාර්ග මෙන්ම ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා ගෙන යාමේ මඟ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

සම්පූර්ණ පිටු 62 කින් යුතු ප්‍රතිපත්ති ප්‍රකාශය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *