රනිල්ගෙන් අනුරට අභියෝගයක්

ජාතික ජන බලවේගය එක පැත්තකින් අපනයන ආර්ථිකයකට යන බව කියන අතර තව පැත්තකින් ආනයන ආර්ථිකයකට යන බව කියන්නේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොරවක ජනපතිවරණ ජනරැළිය අමතමින් (6) පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකට යන විට ජාතික ජන බලවේගය තව පැත්තකට යන බව කී ජනාධිපතිවරයා මෙම පරස්පර විරෝධී කතාවලට අනුර කුමාර දිසානායක පැවැත්වෙන ජාජබ මොරවක ජනරැළියේදී පිළිතුරු ලබාදිය යුතු බවද සඳහන් කළේය.

මෙවැනි පරස්පර විරෝධී ප්‍රකාශ නිසා මාලිමාව අද කැරකෙන්නේ මොන පැත්තටදැයි හිතාගන්නට නොහැකි වී ඇති බවද ජනාධිපතිවරයා කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *