ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
සියලු දෙනාටම වියදම් සීමාකර මූල්‍ය පාලනයක් ඇතිකර ගන්නා ලෙස රජය අවධාරණය කර ඇති අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කිසිත් නොතකා ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීමේ කිසිදු සාධාරණයක් නොමැති බවද කරුණානායක මහතා කීය.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කීවෙි කොළඹදී අද (25) පැවති මාධ්‍ය හමුවකදීය.
රට කඩාවැටීමට අදාළව නිලධාරීන්ට ද වගකීමක් ඇති බව කී හිටපු අමාත්‍යවරයා රට ඉදිරියට ගෙනයාමට නම් නිලධාරීන් ද සැලසුම් සහගතව මීට වඩා මැදිහත්වීමක් කළ යුතු අතර මේ මොහොතේ එවැනි තත්ත්වයක් පෙන්නුම් නොකරන බවත් සඳහන් කළේය.