රනිල් එක්ක අපිත් නැහැ – සජබෙ අගමැති ධූර අපේක්ෂක මම – සජිත්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරග වදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා තිබේ.

විපක්ෂ නායක ධුරය දරණ සජිත් ප්‍රේමදාස එළඹෙන එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා බවට පත් කිරීම සඳහා වන යෝජනාවක් අද පැවැති එම පක්ෂයේ විශේෂ සාකච්ඡාවක දී ඒකමතිකව සම්මත වී ඇති අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග කිසිදු සංධානගත වීමක් සිදු නොවන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *