චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ(28) පෙරවරුවේ පැමිණියේය.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ගැනීම සඳහා ඉකුත් 25 දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්රමසිංහ මහතාට දැනුම් දී තිබූ නමුත් ඊට වෙනත් දිනයක් ලබා දෙන ලෙස රනිල් වික්රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ලබන 28 හෝ 30 පැමිණෙන්නැයි කොමිෂන් සභාව දැනුම් දී තිබූ අතර ඊයේ( 28) රනිල් වික්රමසිංහ මහතා කොමිසමට පැමිණියේ ඒ අනුවයි.