වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ට සිය ඉල්ලීම පරිදි බන්ධනාගාරයේ සිට උසස් අධ්‍යාපනය හැදැරීමට අවසරය ලැබී තිබේ.
ඒ අනුව නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කළමණාකරන නායකත්ව පුහුණු තරුණ කටයුතු සහ ප්‍රජා සංවර්ධන උපාධිය හැදෑරීම සඳහා පවතින නීතිරීතිවලට යටත්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඔහුට එම අවසරය ලබා දී ඇත.
එම විෂයානුබද්ධ අධ්‍යාපනය මාර්ගගත ක්‍රමය ඔස්සේ හැදැරීමට ද අවසර ලබා දී ඇති බව බන්ධනාගාර මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.