රටේ ණය රුපියල් කෝටි 1725200 ක්

මේ වසරේ මාර්තු 31 වනවිට පැවැති  දේශීය ණය ප්‍රමාණය රුපියල් කෝටි 1725200 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ  පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන විට දේශීය ණය රුපියල් කෝටි 17051ක් පැවති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

එසේම බාහිර ණය ලෙස කෝටි 3700ක් පැවති බවද ඔහු කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ණය කළමනාකරණ පනක් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

එක් කේන්ද්‍රගත ස්ථානයකට ණය කලමනාකරණ වගකීම පැවරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ බව පැවසූ සේමසිංහ මහතා ණය තිරසරභාවයක් ඇතිවන ආකාරයට රට කළමනාකරණය කිරීමද එහි තවත් අරමුණක් බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *