දේශීය ලොකු ලූනු ගොවීන් ආරක්ෂා කිරීම සඳහා ආනයනික ලොකු ලූනු සඳහා බද්දක් පනවන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටී.
ලොකු ලුනු ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 250 වත් මිලක් පවත්වා ගත යුතුව තිබෙන බවද තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
ලොකු ලූනු මිල ශීඝ්‍ර ලෙස ඉහළ යාමට පටන් ගත් නිසා දඹුල්ලේ විශාල භූමි ප්‍රමාණයක ලොකු ලුනු වගා කිරීම අරඹා ඇතැයි කියන තෙන්නකෝන් මහතා අස්වනු නෙලන අවස්ථාව වන විට වෙළඳපොලේ ලොකු ලූනු මිල ශීඝ්‍රයෙන් පහත ගියහොත් ගොවීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව සඳහන් කරයි.
මෙම තත්ත්වයන් හරියාකාරව කළමනාකරණය කර නොගතහොත් තවත් මාස කිහිපයකින් ලොකු ලූණු මිල නැවත අදහා ගත නොහැකි තරම් වැඩිවනු ඇතැයි කියන රාජ්‍ය අමාත්‍යවරයා පාරිභෝගිකයා මෙන්ම ගොවියාත් ආරක්ෂා කර ගැනීම රජයේ වගකීම බව කෘෂිකර්ම අමාත්‍යවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.