රට විරු වාහන බලපතින් ගැහිල්ලක්

විදේශගත නොවූ සිවු  දෙනෙකුටත් විදේශගත ශ්‍රමිකයන්ට දෙන තීරු බදු රහිත විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව ) තොරතුරු අනාවරණය වී ඇත.

හිටපු අමාත්‍යවරයාගේ වුවමනාව මත කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සියල්ල කර ඇති බව පැහැදිලි යැයි  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පැවසීය.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ  එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022 මැයි 01 සිට 2023 සැප්තැම්බර් 15 දින දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳ සකස් කරන ලද විශේෂ විගණකාධිපති වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව  පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (02) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී විගණක‍ාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී ඇති බවට සැකයක් මතුවන බවයි.. මේ සම්බන්ධයෙන් සිදුකර තිබූ පූර්ණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීමේදී මේ බව පෙනී යන බව හෙතෙම පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *