ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය සඳහා ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ පත් කරනු ලැබ සිටිති.
ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී උන්වහන්සේ වෙත පිළිගැන්වීය.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පත් වූ ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියෝ හරන්කහව, මොලගොඩ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වන අතර සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් ධූරයද දරනු ලබති.
උන්වහන්සේ හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයද හොබවා ඇත.