රජයේ වැටුප් වැඩිකිරීමේදී ETF සේවක මූලික වැටුපත් කැපිලා

අර්ධ රාජ්‍ය ආයතනයක් වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප මෙම වසරේ අයවැයයෙන් කළ වැටුප් වැඩිකිරීමට අනුව  මූලික වැටුපේ සිට අඩු වී ඇතැයි චෝදනා කරමින් එම මණ්ඩලයේ සේවකයන් නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූහ.

එම මණ්ඩලයේ වර්තමාන සභාපතිවරයා ගත් අත්තනෝමතික තීරණයක් හේතුවෙන් ඇතැම් සේවකයන්ගේ මූලික වැටුපෙන් රුපියල් 20,000 ක් පමණ අඩුවී ඇති බවත් එම සේවකයන්ට වාහාම සාධාරණ ඉටුකරන ලෙස ඉල්ලා සිටින බවත් විරෝධතාකරුවෝ එහිදී පැවසූහ.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය සේවකයන්ට මේ සම්බන්ධයෙන් කථා කිරීමට සාකච්ඡාවක් හෝ නොදෙන බව කී විරෝධතාකරුවෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙයට මැදිහත්වන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *