රජය වී මිලදීගැනීම අරඹනවා

දිවයින පුරා පිහිටි වී ඇළෙවි මණ්ඩලයට අයත් වී ගබඩා සියයට අධික සංඛ්‍යාවක් මෙම සතිය තුළ ‘යළ’ කන්නයේ වී මිලදී ගැනීමට විවෘත කරන බවත් පසුගිය කන්නයේ පැවැති වී මිලම මෙවර ද පවතින බවත් වී අළෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා  පැවසීය.

ඒ අනුව මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට මිලදී ගන්නා බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132 කට අළෙවි කළ හැකි බවත් ඒ මහතා කීය. වී අළෙවි මණ්ඩලය සතුව ගබඩාවල වී මොටි්‍රක්ටොන් 210,000 ක් ගබඩා කිරීමේ පහසුකම් ඇති බව කී සභාපතිවරයා ජනතාව රජයට අස්වැන්න අළෙවි කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් වී අළෙවි මණ්ඩලයට සැළකිය යුතු වී තොගයක් නොලැබුණු අතර පෞද්ගලික සහල්මෝල්හිමියෝ වැඩි මිලට වී මිලදීගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *