රක්ෂිත බන්ධනාගාර ගත කළ දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබේ.

අධිකරණ නියෝගයක් අනුව ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කල බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගිනිඅවි සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතා පසුගියදා අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහුව ලබන 29දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *