යේමනයෙන් ඊශ්‍රායලටය මිසයිල ප්‍රහාරයක්

යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ බැලස්ටික් මිසයිලයක් දේශ සීමාව ආසන්නයේදී විනාශ කර දැමූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

උදෑසන 6.30 ට පමණ මධ්‍යම ඊශ්‍රායලයේ අනතුරු ඇඟවීමේ නලා නාද වූ බවත් විනාශ කළ මිසයිලයේ සුන්බුන් ඊශ්‍රායල භූමියට වැටුණු බවත් එරට ආරක්ෂක හමුදාව පැවැසුවේය.

අනතුරු ඇඟවීමේ නලා නාද වූ අවස්ථාවේ මධ්‍යම ඊශ්‍රායලයේ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කර දිවගොස් ඇති බවත් ඒ අතරතුරදී සිව් දෙනකු සුළු තුවාල ලබා ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය. තවත් සිද්ධියට මුහුණ දුන් එක අයෙකු දැඩි ආතතියෙන් පෙළෙන බවද ප්‍රකාශ විය.

එම බැලස්ටික් මිසයිලය ඇරෝ ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් විනාශ කර දමනු ලැබූ බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *