යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යුද හමුදා මූලස්ථානයේදී බාර දෙනු ලැබීය.

පසුගිය යුද සමයේ ශ්‍රී ලංකා යුද හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුම් අතරතුර කොටි සංවිධානයේ බැංකු සහ කඳවුරුවල තිබියදී මෙම ස්වර්ණාභරණ සොයාගෙන තිබේ.

මෙම ස්වර්ණාභරණ එම ප්‍රදේශවල සිටි දෙමළ ජනතාවගෙන් බලහත්කාරයෙන් ලබාගත්තා ද, නැතහොත් ඔවුන් විසින් එල් ටි ටි ඊ බැංකුවල තැන්පත් කළ ඒවාදැයි යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව යුද හමුදාව පවසයි.

රන් ආභරණ අතරින් බහුතරයක් 2009දී සිදුකළ මානුෂික මෙහෙයුමේදී සොයාගත් ඒවාය

(මේ පිළිබඳ අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පති  ප්‍රියන්ත වීරසූරිය මහතා මෙසේ පැවසීය)

මෙහි තියෙන රත්තරන් ප්‍රමාණය  හා ගුණාත්මක භාවය මැණික් සහ  ස්වර්ණාභරණ අධිකාරිය පරීක්ෂා කිරීමකින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් යොමු කරනවා

ඒ අතරතුර දේපල හිමිකාරීත්වය  ප්‍රකාශ කරලා නියමිත පරිදි ලබා දෙන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙනුත් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග අධිකරණ තීන්දු තීරණ නම් වලට යටත්ව  ක්‍රියාත්මක කරනවා.

(ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති  නවීන් සූරිආරච්චි මහතා)

අපේ රාජකාරිය වෙන්නේ රත්තරන්වල කැරට් ප්‍රමාණය සහ බර සහතික කරලා පස්සේ ස්වර්ණාභරණ සීල් කරලා පොලිසියට බාර දෙනවා. ඊට පස්සේ ප්ලෑන් එක කෙලින්ම  මහ බැංකුවට ඒවා ගිහිල්ලා තැන්පත් කරන්න

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා බුද්ධි අංශයේ මේජර් ජනරාල් දීප්ත ආරියසේන මහතා ද සහභාගි විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *