ඒ ඉන්දියාවේ සිට යාපනයට පැමිණි සාරි වෙළෙන්දෙකු ආපසු ඉන්දියාවට යාමෙන් පසුව කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමග යාපනය ප්‍රදේශයේ පවුල් 07 ක පුද්ගලයින් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය කේතිෂ්වරන් ප්‍රකාශ කර සිටී.
මෙම සාරි වෙළෙන්දාගෙන් යාපනයේ සාරි ව්‍යාපාරිකයින් පිරිසක් සාරි මිලදී ගෙන ඇති අතර, එසේ ගණුදෙනු කළ වෙළෙන්දන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙලෙස නිරෝධායනයට ලක් කොට ඇති බවයි යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කලේ.
යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් අදාළ ව්‍යාපාරිකයාට කොරෝනා වෛරසය ආසාදීතව ඇති බවට තහවුරු කළ බවයි යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ