යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන් හි අධ්‍යන කටයුතු නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවරගත් බව යාපනය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි.
ඒ අනුව වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන්ට පමණක් විභාග සහ අධ්‍යන කටයුතු වල නිරතවීමට හැකි බවටද විශව විද්‍යාල පාලනාධිකාරය මගින් දැනුම් දී ඇත.
ඊට අමතරව සරසවි නේවාසිකාගාරවල රැදී සිටින අනෙකුත් සියලුම සිසුන්ට හැකි ඉක්මනින් නිවෙස්වලට යන ලෙසටද දැනුම්දී ඇත.
පසුගිය දින කිහිපය තුලදි යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් රජයට විරෝධීව යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිටද විරෝධතා වැඩසටහන් කිහිපයක් සංවිධානය කොට තිබූ අතරම රටේ පවතින අයහපත් වාතාවරනය සමගින් විශ්වවිද්‍යාල සිසුන්ට බලපෑමක් එල්ල වේ යැයි යන අවධානම මත මෙලෙස නැවත දැනුම් දෙන තුරු විශ්වවිධ්‍යාලය වසා දැමීමට පියවර ගෙන ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශ්‍රී.සද්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව රටේ වත්මන් තත්වය හමුවේ මෙම තීරණය ගත් බවද විශ්ව විද්‍යාල පාලනාධිකාරිය වැඩි දුරටත් පැවසීය.