යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු (bunkering system) යළි ආරම්භ කිරීම හරහා ඉන්ධන මෙට්‍රික් ටොන් 5,200ක් අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන තුනක් උපයා ගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසීය.
බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් ඩොලර් මිලියන 200ක වටිනා අතිරික්තයක් පවත්වාගෙන යන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ(08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
අද වන විට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 130,791ක්, පෙට්‍රල් 92 ඔක්ටේන් මෙට්‍රික් ටොන් 83,275ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 8313ක්, පෙට්‍රල් 95 ඔක්ටේන් මෙට්‍රික් ටොන් 11,196ක්, ගුවන් යානා සඳහා භාවිත කරන JET A1 මෙට්‍රික් ටොන් 17,274ක් සහ විදුලි නිෂ්පාදනයට අවශ්‍ය තෙල් (FO) මෙට්‍රික් ටොන් 75,410ක් වශයෙන් තොග පවත්වාගෙන යන බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.