මොහොමඩ් හෆීස් ක්‍රිකට් පිටියට සමුදෙයි

වසර 18ක් පුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ජයකෙහෙළි නැංවූ තුන් ඉරියව් දක්ෂයෙක් තමා සමුගන්නා බව අද (03) නිවේදනය කළේය.

පාකිස්තානයේ ලාහෝර් නුවර පැවති මාධ්‍ය හමුවකදී මොහොමඩ් හෆීස් ඒ බව නිවේදනය කළේය.

ඔහු මේ වනවිට 41 හැවිරිදි වියේ පසුවෙයි.

හෆීස් 2018 වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගත් අතර 2019 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර පිටියට සමුදුන්නේය.

ඔහු පසුගියදා පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියට ද එක්විණි.

නමුත් ඔහු පැවසුවේ 20/20 ලීග් තරගාවලි සඳහා සහභාගී වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *