මෛත්‍රීගේ ප්‍රකාශය ගැන පරීක්ෂණ කරන්නැයි පොලිස්පතිට නියෝග

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයා වෙත එලෙස නියෝග කර ඇත.

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පසුගියා දා ප්‍රකාශ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *