මෛත්‍රී, ඉන්දියාව මහමොළකරු කරලා – හර්ෂ

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාව ඈඳාගනිමින් මතභේදාත්මක ප්‍රකාශයක් ලබාදී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් අද අනාවරණ කළේය.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ හිටපු ජනපතිවරයාගේ මේ ප්‍රකාශයෙන් රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් පවා නිර්මාණය වීමට ඉඩ ඇති බවය.

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාගෙන් පැය පහක ප්‍රකාශයක් සටහන් ගත්තේය.

ඒ පිළිබඳව අද ඉංග්‍රීසි ‘ජාතික පුවත්පතක’ පළවූ වාර්තාවක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙලෙස සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *