මේ රජයේ එකම වැඩපිළිවෙළ පළිගැනීම විතරයි

ජනතාවට සෙත සලසන බවට  පොරොන්දු දෙමින් බලයට පැමිණි ජාතික ජනබලවේග  රජයේ  අද  එකම වැඩපිළිවෙල පලිගැනීම පමණක් බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

රාජ්‍ය සේවකයන් අත්අඩංගුවට ගැනීම,  හිරේ දැමීම සහ ස්ථාන  මාරු කිරීම කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වනවා හැරෙන්නට අද ඔවුන්  කරන   වැදගත් දෙයක් පෙනෙන්නට නැතැයිද  ඔහු සඳහන් කළේය.

අමරවීර මහතා මෙසේ පැවසුවේ කොළඹ ඩාර්ලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගිය 2 වැනිදා පැවැති   ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ 10 වැනි  නියෝජිත මහ සභා  රැස්වීමේදීය.

මේ රජය බලයට එනවිට දුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටුකර නැතැයි පැවසූ හිටපු අමාත්‍යවරයා  ලොකු ප්‍රමාණවලින් අඩුකරන්නේ යැයි පැවසූ  විදුලි බිල සහ ඉන්ධන මිලද  ජනතාව පීඩාවට පත්වන ආකාරයට වැඩි කළ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *