ඊයේ (10) දිනයේ නව ආසාදිතතතයින් 538 දෙනෙකු හඳුනාගැනීමත් සමගම මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 30,613ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ වාර්තා වූ ආසාධිතයින් 538 දෙනා අතරින් ආසාදිතයින් 304ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් 38ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28ක් ලෙස ආසාදිතයින් වාර්තා වු බවයි.
ඊයේ වාර්තා වු ආසාදිතයින් අතරින් 68 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වන අතර, ඒ සමග විදෙස් ජාතික නාවික ආරක්ෂක නිලධාරියෙක් සිටියි.
කොවිඩ් දෙවැනි රැල්ලට පාදක වූ මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 26,981ක් දක්වා ඉහළගොස් ඇති අතර ඉන් පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 18, 853 කි.
මේ වනවිට මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8,206ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඊයේ දිනය අවසන් වන විට මෙරට සිදුව ඇති කොවිඩ් ආසාධිත සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146කි.