මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්න එපා – මහින්දානන්ද

මුදල් අමාත්‍යංශය විශ්වාස කරන්නට එපා යැයි ජනපතිගෙන්, රජයෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් දෙන දත්ත සහ සංඛ්‍යා ලේඛන විශ්වාස කරන්නට එපා යැයි කී මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යාංශය මූල්‍ය අරමුදලට දුන් දත්ත වැරදි බව ඔවුන්ම පිළිගත් බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කතාවට මුදල් අමාත්‍යාංශය දුන් දත්ත වල බිලියන දහසක වෙනසක් තිබූ හෙයින් එම කතාව පාවිච්චියට නොගත් බව කී අලුත්ගමගේ මහතා මෙවැනි නිලධාරීන් තවදුරටත් තබාගන්නේ දැයි ජනාධිපතිවරයා තීරණය කළ යුතු බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *