ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඊයේ රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.
විරෝධතාවයේ දී ඇති වූ විරෝධතාකරුවන් සහ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු රඳවා තබා ගැනීම සහ පහරදීම ඇතුළු සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු විය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ විශේෂ මාධ්‍ය හමුවේදී ලැබුණු තොරතුරු පහක් මෙන්න.
අප්‍රේල් 03 ඉරිදා ඇඳිරි නීතිය පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැත.
මිරිහාන විරෝධතාවයේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදී තිබෙනවා.
ඊයේ පැවති විරෝධතාවයෙන් අනතුරුව සිදුවූ වාහන සහ දේපළ හානි රුපියල් මිලියන 39ක් ලෙස ගණන් බලා තිබෙනවා.
විරෝධතාකරුවන් 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ 18 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 24 දෙනෙකු තුවාල ලබා ඇත.
ඊයේ මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යටතේ චෝදනා ගොනු නොකරන අතර ඒ වෙනුවට දණ්ඩ නීති සංග්‍රහය සහ/හෝ පොදු දේපළවලට එරෙහි වැරදි පනත යටතේ නඩු පවරනු ලැබේ.