මිරිස් ගලක් වූ සෙල්ලිපියක්

මුස්ලිම් පල්ලියක තාප්පයක් ඉදිකිරීම හේතුවෙන් අනුරාධපුර  ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලහප්පෙරුමාගම පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක නටඹුන් වලට දැඩි හානි සිදුවී ඇති බව වාර්තා වේ.

මෙම ඉදිකිරීම් සිදුකිරීමට පුරාවිද්‍යා කාර්යාලයේ අවසරයකින් තොරව සිදුකර ඇති අතර විජිතපුර බළකොටුව ආශ්‍රිතව මෙම ඉදිකිරීම සිදුකර ඇත. මෙයට සම්බන්ධ වූ අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයා හා තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

තවද අවට නිවසක තිබී ඇඹරුම්ගලක් සොයාගත් අතර එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත සෙල්ලිපියක් බවට සැකකෙරන බැවින් එම නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් හෙට (13) කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *