මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින්ව මුදා ගැනේ

මියන්මාරයේ, මියාවාඩි හී සයිබර් ත්‍රස්ත කණ්ඩායම් ග්‍රහණයේ සිට මුදාගනු ලැබු ශ්‍රී ලාංකිකයින් 08 දෙනා තායිලන්තයේ මෙරට තානාපති කාර්යාලය වෙත භාරදී ඇති බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි.

ඔවුන් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත බව තනාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මියන්මාරයේ ආගමන විගමන නිලධාරීන් විසින් මියන්මාරයේ තායිලන්ත මිත්‍රත්ව පාලම හරහා මෙම පිරිස භාරදුන් බව ද ඒ මහතා පැවසීය.

ඒ අනුව අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටින බවත් ඔවුන්ව ඉදිරි දින කිහිපයේ දී ලංකාවට එවීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *