පොළොන්නරුව – හබරණ මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී විදේශීය යුවලක් වන අලි ප්‍රහාරයකට ලක්වීමේ පුවතක් වාර්තා වනවා.
පොලීසිය පැවසුවේ, අඹුසැමි යුවළ ගමන් ගත් මෝටර් රථය ඊයේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව ය.
පොළොන්නරුව දෙසට ධාවනය වූ රථය නවතා ඇත්තේ මාර්ගයේ දකුණු පසින් පැමිණි වන අලියෙකුගේ ඡායාරූපයක් අඹුසැමි යුවළට ගැනීමටය.
පසුව වන අලියා ප්‍රහාරයක් එල්ල කර එය පෙරළී මාර්ගයෙන් ඉවතට තල්ලු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධියෙන් අඹුසැමි යුවලගේ දිවි ගලවාගෙන ඇති අතර අලියා පහරදීමෙන් රථයට දැඩි අලාභ හානි සිදුවී ඇත.
පසුව මින්නේරිය පොලිසිය විසින් මෙම විදේශීය යුවල නිරුපද්‍රිතව ඔවුන්ගේ නවාතැන් වෙත ප්‍රවාහනය කර ඇත.