මැල්කම් රංජිත් කාදිනල්තුමා වතිකානුවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවෙයි

අගරදගුරු කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ ශ්‍රී ලාංකික කතෝලික නියෝජිත පිරිසක් අද වතිකානුවේදී ප්‍රැන්සිස් පාප් වහන්සේ හමුවිය.

ශ්‍රී ලංකාවේ දුක්ගැනවිලි පාප් වහන්සේ වෙත ගෙන යන බවට වූ පොරොන්දුව අනුව යමින් අගරදගුරු කාදිනල් රංජිත් හිමිපාණෝ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය පසිඳලීම සඳහා වතිකානුව සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙති.

පාප් වහන්සේ ජනවාරි මාසයේදී කාදිනල් තුමාට ලිපියක් ලියා ඇති අතර, තත්වය පිළිබඳව සමීපව නිරීක්ෂණය කරන බවටත් වින්දිතයින්ට යුක්තිය සොයා ගැනීමට තමාට හැකි ඕනෑම උපකාරයක් කරන බවටත් පොරොන්දු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *