මැතිසබා සෞඛ්‍ය ලොක්කාට මාරුවක්

පාර්ලිමේන්තු සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරියා හදිසියේම  වෙනත් ස්ථානයකට මාරු කර යවා ඇත.

ඔහු සම්බන්ධයෙන් සේවකයන්ගෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙන මෙලෙස මාරුකර යවා ඇති බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එම වෛද්‍ය නිලධාරියාට  එරෙහිව විවිධ චෝදනා කරමින් සේවකයන් තුන්සියයකට ආසන්න පිරිසක් අත්සන් කළ පෙත්සමක්ද  පාර්ලිමේන්තු බලධාරීන්ට  පසුගියදා  බාරදී  තිබිණ.

කෙසේ වෙතත් සමහර සේවකයන් එම පෙත්සමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබූ  බව වාර්තාවේ.

මෙම වෛද්‍ය නිලධාරියා සේවකයන්ට  සහ හිටපු සේවකයන්ට ඖෂධ නිකුත් කිරීමේදී  නීතියට අනුකූලව කටයුතු කර තිබූ  බවත්  සමහරුන් ඊට දැඩි ලෙස විරුද්ධව සිටි බවත්  ඇතැම් සේවකයෝ පෙන්වා දෙති.

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම සේවකයන්ටද නොමිලේ වෛද්‍ය පහසුකම් සපයනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *