මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 343 ක්

මහ මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 343 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ඊයේ දිනයේ තවත් මැතිවරණ පැමිණිලි 53 ක් වාර්තා වීම හේතුවෙන්. මේ දක්වා වාර්තා වී ඇති පැමිණිලි 343 ම නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඉන් පැමිණිලි 198 ක්ම ලැබී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතයි.

සෙසු පැමිණිලි 145 ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

කෙසේවෙතත් ලද පැමිණිලි 343 න් 261 ක් මේ වන විට විසඳා තිබෙනවා.

සෙසු පැමිණිලි 82 ට අදාළව විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *