මැතිවරණ කොමිසමේ ඊ සේවා නවතී

මැතිවරණ කොමිෂන් සභාවේ සියලුම ඊ සේවා ඊයේ සිට තාවකාලිකව නතර කරනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊ සේවා මෙසේ නතර කෙරුණු බවයි.

මේ අනුව ඡන්ද හිමි නාම ලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්ද හිමි ප්‍රකාශ ලබා ගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාලව උපුටන ලබා ගැනීම ඇතුළු සියලු ඊ සේවා  තාවකාලිකව නතර කර ඇති බවද  සභාපතිවරයා පැවසුවේය.

කෙසේ වෙතත් කොමිෂන් සභාවේ අනිකුත් සේවා සාමාන්‍ය පරිදි කෙරෙන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *