මැතිවරණ කොමිසමෙන් අගමැතිට ඉල්ලීමක්

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් පළාත් පාලන අපේක්ෂකයන්ගේ ගැටලුව විසඳෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ  සභාපති ආර්.එම්.ඒ.එල්  රත්නායක මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම්දි ඇත.

පළාත් සභා මැතිවරණය පැරැණි පැවති ක්‍රමය හෝ අලුතින් සීමා නිර්ණය කර ඇති ක්‍රමය යන එක් ක්‍රමයකට පැවැත්විය හැකි බවද  කොමිසම අගමැතිවරයාට පෙන්වාදී ඇත.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් සහ අගමැතිවරයා අතර හමුවක් ඊයේ පවත්වා ඇත. අගමැතිවරයාට මේ කරුණු පෙන්වාදී ඇත්තේ එම සාකච්ඡාවේදීය.

පළාත් පාලන මැතිවරණ නීතියට අනිවාර්යයෙන්ම සංශෝධනයක් එක් කළ යුතු බවද කොමිසම පෙන්වාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *