“මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ”

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  පැවසීය.

“මාලිමාව හිතනවා නම් මේ ඡන්දය දිනනවා කියලා එහෙම දිනන්නේ නෑ” යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.

පළාත් පාලන මැතිවරණයට කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වඳින අපේක්ෂක හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.

“මාලිමාවට බොහෝ තැන්වල බහුතරයක් ලැබෙන්නෙත් නෑ.අපි බලන්නේ ඒ බහුතරය එකතු කරගෙන බලය ගන්න.අප පමණක් නොව අනෙක් කණ්ඩායම්ද එකට එකතු විය යුතුයි.මම සජබෙ ගැන දන්නේ නෑ. හැබැයි කණ්ඩායම් ගණනාවක් එකතු වන විට ඔවුනුත් මේකට එකඟ වේවි.

එහෙම එකට එකතු වූ විට පළාත් පාලන ආයතනයේ සභාපති ලෙස පත් වන්නේ වැඩිම මන්ත්‍රීවරුන් සිටින කණ්ඩායමයි.අපට දැන් තිබෙන්නේ වැඩිම මන්ත්‍රී කණ්ඩායම ලබා ගන්නයි.අනෙක් අය සමග හැප්පෙන්නේ නැතිව එය කළ යුතුයි.ඔය කිව්වට මේ ගොල්ලන්ට දිනන්න බෑ.

අපට තිබෙන්නේ චීනෙට පස්සේ ජාත්‍යන්තර වශයෙන් ඉතා බලවත්ම ආණ්ඩුව.ඒ මොකද අප ලියුමක් යවපු ගමන් ට්‍රම්ප් ජනාධිපති බද්ද දින අනූවකට කල් දැමූ බව කියනවනේ යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *