ආන්දෝලයට ලක්වූ මාර්ගගත ක්රමවේදයට ශ්රී ලංකා වීසා නිකුත් කිරීමේ ක්රියාවලියේදී ආයතන සමූහයෙන් සේවා ගැනීමට ලංසු තැබීමේ ක්රියාවලියක් නොවීමෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට හොඳම වටිනාමක ගැනීමට නොහැකි වී ඇතැයි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ මතව බව එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (12) පැවසීය.
ශ්රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහයක් මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ගැනීම පිළිබඳව මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එසේ පැවසීය.
සිය විරෝධය හමුවේ පාර්ලිමේන්තු මහ ලේකම්වරිය කාරක සභාවට කැඳවූ බව කී හර්ෂ ද සිල්වා මහතා මෙම වාර්තාව දැඩි අභියෝග හමුවේ ඉදිරිපත් කරන අතර ඇතමුන් තමන්ව දැඩි සමච්චලයට ලක්කළ බව ද සඳහන් කළේය.
ප්රසම්පාදන ක්රියාවලිය තුළ හදුනාගත් කැළකිය යුතු කරුණුවලට අමතරව නොවිසදී පවතින ප්රධාන ගැටලු පහක් ඇති බව කී ඒ මහතා විගණකාධිපතිවරයා මෙම වාර්තාවේ දක්වා ඇති දත්ත උපයෝගී කර ගනිමින් සමස්ත ප්රසම්පාදන ක්රියාවලිය පිළිබඳ පුළුල් වෝහාරික විගණනයක් කරන ලෙස කමිටුව නිර්දේශ කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
2024 ජුනි මස 04 වන දින පැවති රජයේ මුදල් පිළි කාරක සභා රැස්වීමේදී අනාවරණය වූ විගණකාධිපතිවරයා දැනටමත් එවැනි විගණනයක් ආරම්භ කර ඇති බවත් මෙම විගණනය කඩිනමින් අවසන් කරන ලෙස කාරක සභාව ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.