ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනයට නීත්‍යානුකූල අනුමැතිය ලැබීමට පෙර ණයවර ලිපි විවෘත කිරීමෙන් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප ඉල්ලා සිටි හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොනුකළ පෙත්සමට ලබන (19)සඳුදා කරුණු ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අල්ලස් කොමිසමට දන්වා සිටියාය.
අදාල පෙත්සමට මෝෂන් පත්‍රයක් ගොනුකරමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙසේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා දින නියම කළාය.
පෙස්සම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ හිටපු ඇමැතිවරයා ගොණු කළ ඇප අයදුම් පත්‍රය සම්බන්ධයෙන් කොමිසමට නොතීසියක් ලැබී නොමැති බවය.
පෙත්සම සම්බන්ධයෙන් කොමිසමට කරුණු අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා සිටියේය.
අල්ලස් කොමිසමේ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශවය මෙතෙක් අධිකරණයට කරුණු තහවුරු කර නොමැති බවත් ලබන සඳුදා කරුණු තහවුරු කරන බැවින් අල්ලස් කොමිසමට එදින කරුණු ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටියාය.