මහින්ද සහ රනිල් ළඟ ඇති වාහන ගැන අනාවරණයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16 න් 8 ක් යළි භාරදී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11 ක් මේ වන විට පවතින බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච් එස් කේ ජේ බණ්ඩාර මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා දැනට භාවිතා කරනු ලබන අතිරික්ත වාහන යළි භාරදෙන ලෙසට රජය විසින් ලිපි මඟින් දැනුම්දී තිබුණා.

ඒ, 1986 පෙබරවාරි 18 නිකුත් කරන ලද 1986 අංක 4 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතට අනුව බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන් භාරයේ තිබූ වාහන  8 ක් භාරදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *