මහින්ද රනිල්ට බෑ කියයි

පක්ෂය නැවත තීරණය කළහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් කළ හැකි බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී   ඇත.

එසේම පක්ෂය ගත් තීරණය තමාට  පෞද්ගලිකවම මැදිහත්වී  වෙනසක් කළ නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා  දන්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවෙසේදී හමුවී සාකච්ඡා කර ඇත

හිටපු ජනාධිපතිවරයා සිය ස්ථාවරය මෙසේ දැනුම් දී ඇත්තේ එම හමුවේදීය.

දෙදෙනා අතර මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් ඉතා සුහද  අයුරින්  පැවැත්වුණු බව  දැනගන්නට ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  හිටපු ජනාධිපතිවරයාගෙන්  මීට පෙරද ඉල්ලීමක් කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *