මහනුවර ශුද්ධ කරයි

මහනුවර නගරය ශුද්ධ පවිත්‍ර කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතය වන්දනාකරුවන්ගේද ප්‍රදේශයේ ආයාතනවල පිරිසගේ ශ්‍රම දායකත්වයන් සාර්ථකව  ක්‍රියාත්මක කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම, තරුණ හා වැඩිහිටි ප්‍රජාවගෙන් සමන්විත ස්වේච්ඡා කණ්ඩායම් කිහිපයක් මීට දායකවය ලබා දීම විශේෂත්වයකි.

මේ අනුව ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතය මෙයෙහවීම යටතේ සමස්ථ මහනුවර නගරයම සාර්ථකව ශුද්ධ පවිත්‍ර කර තිබෙන බව ජනාධිපති කාර්යාලය කියයි.

කසළ බැහැර කිරීම නිසි ලෙස සිදු කිරීම සඳහා ජනතාව තුළ ආකල්පමය හුරුවක් ඇති කිරීමේ වටිනාකම පහදා දෙන අන්දමින් සංවිධාන කළ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය නොඅඩුව හිමි වූ බවත් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *