’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා  පැවසීය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් 21 දාට පෙර හෙළි කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.

” පරීක්ෂණ නිසි පරිදි සිදුවෙනවා.ඒකට දින වකවානු හරියට කියන්න බෑ. අපි වැඩ කරන්නේ ජනවරම අනුව.මේ කුමන්ත්‍රණයට නියමයෙන් හෝ අනියමින් සම්බන්ධ අයගේ කලබලයට ආණ්ඩුව කලබල වෙන්නේ නෑ.ගම්මන්පිල  පන්නයේ කලබල වීම් ඉදිරියට තව ඕන තරම් වේවි. නමුත් ඒ කලබල වීම් ආණ්ඩුව ගණන් ගන්නේ නෑ.විමර්ශන හරියට වෙනවා.

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කටයුත්ත අතිශය සංකීර්ණ වැඩක්.ඊට අදාල තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතිනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *