නිවාස සංවර්ධන අමාත්‍යාංශය 2015-2019 කාලයේදී රටපුරා හැට හත්දහසකට රුපියල් කෝටි 3000 ක් ණය වශයෙන් ගෙවා ඇතත් ඉන් එකතු කර ගෙන ඇත්තේ රුපියල් කෝටි 400ක් පමණක් බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය
එසේ ණය ලැබූ 2400ක්ම සිටින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බවද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කිරි හරක් 20,000ක් ගෙන්වීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන්වූ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.