මහ ඡන්දේ අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වෙයි

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැබයි ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තැපැල් ඡන්ද අයදුම්පත් හත් ලක්ෂ පනස් නව දහස් දෙසිය දහයක් ඉදිරිපත්ව තිබූ බව මැතිවරණ කොමිසම සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

මේ අනුව පිළිගෙන ඇති තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව හත් ලක්ෂ තිස් අටදහස් පනහකි.

තැපැල් ඡන්ද භාර ගැනීමේ කටයුතු මේ වන විට අවසන් ව ඇතැයි කොමිසම පවසයි.

ඡන්ද විමසීම සඳහා  ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ලබන 23  ආරම්භ කරන බව  කොමිසම සඳහන් කරයි.

මේ අතර අපේක්ෂකයන් සඳහා ගුවන් කාලය වෙන් කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (22)සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *